භාවනාව

සිල් දවසට සෑහෙන භාවනා වැඩසටහන්.. නමුත් බොහෝ පිරිස් ඉතා සාමකාමී අඩ නින්දක පසුවන බවක් තමා දකින්න ලැබෙන්නේ...එහි ද අර්ථයක් නැත්තේම නොවේ. මන්ද එවන් පරිසරයක් තුල නිශ්ශබ්දතාවයක් ඇති වූ කල නින්ද නොයයි නම් එයද ප්‍රශ්නයකි.
සරල කාරණාවක් මෙහිදී දක්වනු කැමැත්තෙමි....

බුදුන් වහන්සේ දේශනා කල භාවනා ඉරියව්ව, "වඩා පහසුත් නැති", "අපහසුත් නැති" ඉරියව්වක් බව සිතට ගත යුතුය. එනම් කොටින්ම හොඳින් සැතපී හෝ ශාරීරිකව ඉතා අපහසු ඉරියව්වෙන් මිදිය යුතු බවයි.

සිත එක් තැන්ව තබා ගැනීම. පළමුව ඉතා අපහසු බැවින්..සිතට එපරිදෙන්ම විසිරී යන්න දී ..එසේ ගිය සිත පිලිබඳ "දැඩි අවධානයෙන් හා අවදියෙන්" සිටීම ආරම්භයක් ලෙස කල හැකි වනු ඇත...සිත පාලනය කිරීම නොවේ මම අදහස් කලේ...සිත, විශේෂයෙන් සරීරයේ වේදනාවක් වෙත, හවස් කාලයේ කිරීමට යොදාගත් වැඩක් ගැන, පෙර දිනයක යොදාගත් හෝ අතපසු වූ වැඩක් ගැන ක්ෂණිකව ගැන දිව යන්නේ ය ...... එසේ යන "සිතක් පහල වූ" ,සිතෙන් අරමුණු වූ බව", සිතෙන්ම ඒ වෙනුවෙන් සැලසුම් කල සැලසුම් වූ හෝ "ප්‍රතිචාර"දැක වූ බව" ඔබ තෙවන පාර්ශවයක් ලෙස දකින්න "දැඩි ලෙස" උත්සහ කරන්න.
මෙය ටිකක් හෝ වර්ධනය කරගත් විට.. ඒ ඒ සිතුවිලි වල "අනිත්‍ය" හෝ කොතරම් ක්ෂණික සිතිවිල්ලක් දැයි මෙනෙහි කල යුතුය...අවම වශයෙන් එසේ සිතු සිතත් අනිත්‍ය වන බව.
මෙහි දැක්වුයේ මේ දක්වා මට වැටහෙන කරුණු පමණි....

Comments

Popular Posts