අත හැරීම “දැනීම” හා අල්ලා ගැනීම

බෞද්ධ චින්තනයේ ප්රධානතම වාක්ය ඛණ්ඩය "අත හැරීම" ... දා නයක්,පිනට දීමක් ආදී වශයෙන් අත හැරීමක් වූ පමණින් ඔබේ හෝ කෙනෙකුගේ දෘෂ්ටියේ හෝ චින්තනයේ ගැඹුරු වෙනසක් දැනී තිබේද?
මා සදහන් කරන්නේ කොහෙත්ම පින් ලබාගැනීම ගැන නොවේ. තමාගේ නිවනට ලගාවීම/අවබෝධය ගැනයි. එය එසේම වුවා නම් දානයක් දානයක් පාසා ඔබ කෙරෙහි පවතින තෘෂ්ණාව ඉවත් වී උදාහරණයක් ලෙස ...ඔබ මහලු වියට පා තබද්දී සෑහෙන දුරකට බැඳීම, තෘෂ්ණා ආදී ක්ලේශ ඔබෙන් පහව යා යුතුව ඇත. (එය එසේදැයි විනිශ්චය කිරීම ඔබට භාරයි)
නමුත්.. ඒ එසේද... වයස යත් යත්ම දන් පින්කම් කොතෙකුත් කලත් තවදුරටත්... විශේෂයෙන් දරු මුණුබුරන්...ඇද බැඳ තබාගන්නා බවක් මිස හිතේ සාමයක් පිහිටා ඇත්ද..
"පින්" නමැති අත්තටු නොමැතිව "නිවන් මග" නම් වූ මග ගෙවා "නිවන" නම් වූ "මල්පැණි/සාරය" උකහා ගැනීමට "පාරමිතා" නම් වූ තුඩ අවශ්ය වන බවද මෙහිදී මතක් කල යුතුව ඇත. ("පින්" නැතුව "නිවන් මගත්", "පාරමිතා/සිත" දියුනු නොකොට "නිවනත්" ලබා ගත නොහැකි බව )

ඉහත කිවූ දේ ගැබුරින් සලකා බැලීම වටී...

එසේ නම්...අප කොතෙකුත් වීර්ය කරන්නේ.."පින්" නම් වූ ලෞකික ගුණ ලබා ගැනීම අරමුණු කරගත් දේ යෙදීම විනා අප ඇතුලාන්තයේ ඇති අද්යාත්මය වර්ධනය කිරීම නොවේ...
කල යුත්තේ කුමක්ද....
(මාගේ ඉන්ද්රියන්ට දැනෙන පරිදි නම්)අත හැරීම , අත හැරීමකටම වඩා "මනා සිහියෙන්" අවශ්ය දේ අල්ලා ගැනීම තුලින් එම ඇත හැරීම සම්බන්ධයෙන් තමා තුල ඇති ශක්තිය තව දුරටත් වර්ධනය කල හැකි වනු ඇත.
තව ද , අල්ලාගැනීම - ඇති වන නියම ආකාරය…….
* අදාළ වස්තුව
* පංචේන්ද්ර යේ ගැටීම( එකක හෝ කීපයක - ඇසෙන්, හඬින් ගැටීමක්, ස්පර්ශයකින් උපාදානයක් කරා යොමු වනු ඇත.මෙවන් ගැටීමක් පුරුදු වීම/ දිගින් දිගටම වීම - කුඩා දරුවකු උස් මහත් වී දෙමවුපියන්ගේ "නිරන්තර" පංචේන්ද්රයේ ගැටීම තුලින් "බලවත්" උපාදානයක් හට ගැනීම )
*අරමුණු ගැනීම
*අරමුණ සන්නිවේදනය
*ප්රතිචාර දැක්වීම. (reaction)

හොඳම ආකාරය වන්නේ මේ ඉහත කී එකින් එක "අනිත්ය" සංචාව දැනෙන තුරු භාවනාවේ යෙදීමයි යන්න මගේ පෞද්ගලික මතයයි. (තර්කයට විවූර්තයි)

Comments

Popular Posts