විචිකිච්චාව

බලපතල උවද අප එදිනෙදා අත් දකින බොහෝ දේ මීට අයත්. සරලව ගතහොත් සැකය.විශේෂයෙන් .බුදුන් කෙරෙහි.ධර්මය කෙරෙහි, සගුන් කෙරෙහි. 
මෙයිනුත් බුදුන් කෙරෙහි යම් සැකයක් ඇත්නම් කණගාටුයි,එයට නම් පිලියමක් නැත..

අහවල් පන්සලේ ලොකු හාමුදුරුවෝ මෙහෙමයි, අහවලා දානයක් ,පින්කමක් කියල එකතුකරන සල්ලි ගැන සැකයි, අපාය මෙහෙමයි, දිව්‍යලෝකේ මෙහෙමයි.. දැකලත් නැතුව..අහවල් හාමුදුරුවන්ගේ පොතේ තියෙන්නේ මෙහෙමයි, අහවල් බණේ දේශනාකරේ මෙහෙමයි.
ඊටත් එහා... හොඳට ධර්ම මාර්ගයේ යන උදවිය..ඒ ගැන සැක හිතන කණ්ඩායම් එක්ක තර්ක කරනවා. එකී මෙකි නොකී බොහෝ දේවල් මෙසේ පෙන්විය හැක.

ඇත්ත වශයෙන්ම සාකච්චාවට බදුන් විය යුත්තේ ධර්මය මිස ඉහත කී වටපිටාව නොවේ. 
.
නමුත් විසදුම ඇත්තේ..අදාළ කාරණාව "අතහැරීමෙන්" පමණි.
මේ සියල්ල එකවර ඇත හැරීම ප්‍රයෝගික නැ. ගොඩක් දෙනෙක් සරල ජීවිත ගැන කාරණා (Post ) පල කරනවා. නමුත් තමන් ගෙවන සංකීර්ණ රටාවෙන් මිදෙන්න "වරකට ඉතා කුඩා හෝ යමක් අතහැරීම " අවම වශයෙන් සිදු කරනවා ද?
එම නිසා ඉහත කී දේවල් එකින් එක සිතා වරකට දෙයක්, හෝ එයිනුත් කොටසක් හෝ නිට්ටාවටම සුව කරගන්න.

Comments

Popular Posts