උපාදානය
“උපාදානය” බුද්ධ දර්ශනයෙහි ඇති ගැඹුරුම තේරුමක් ඇති දෙය ලෙස හැදින් වුවාට වරදක් නැත. මොකද්ද මේ උපාදානය?.. සත්වයාගේ ඇද බැද තබාගන්න ස්වභාවය. නමුත් මෙම උපාංගය නිසි ලෙස තේරුම් ගැනීම අතිශය වැදගත්. කුමක් නිසාද යත් මෙය විවිද ආකාරයට චිත්ත සන්තානයේ ඇතිවන නමුත් හදුනාගැනීම අපහසු වන නිසා.
චතුරාර්ය සත්යද එසේය. අපට පෙනෙන මානයේ තිබුනද සම් මස් ඇට නහර දක්වා එය "දැනීම" දුෂ්කර ය. මන්ද එසේ දැනුනි නම් ඒ කිසිවෙකුත් ලෞකික ජීවිත ගත නොකරනු ඇත.
අලුත ඉපදීමෙන් පසු වසර ගණනාවකට පසු තම පුතු දැකීමට බලවත් වූ ආසාවෙන් පාසැල වෙත යන පියෙක්. පාසල තුල ගමන් කරද්දී කුඩා ළමයෙක් වේගෙන් පැමිණ ඇගේ හැපුනේ ය. එයින් දැඩි වේදනාවක් හා කෝපයක් හටගතද එය ඉවසා දැඩි බැල්මක් හෙලා පන්ති කාමරය වෙත ඔහු පානැගුවේය. මම අහවල් දරුවාගේ පිය ලෙස හදුන්වා දුන් පසු දරුවා ඔහු වෙත ඉදිරිපත් කළේය. "අනේ , මගේ ඇඟටම ඇවිල්ල හැපිලත් මට අදුරන්න බැරි උනා පුතේ....." ඔහු දරුවා බදාගෙන අඩන්න ගත්තේය.......
මෙහි ගැබුරු අර්ථයක් සැගවී ඇත. ශරීරයේ ගැටීම එකම උවත් "උපාදානය" කර ගත් "ළමයෙක්" සහ "මගේ දරුවා" අතර ඇති වෙනසට හේතුව වටහා ගත යුතුව ඇත.
“දරුවන්" උපාදානය තේරුම් ගැනීම සඳහා කදිම උදාහරණයකි. මන්ද එය දැඩි හැගීමක් උවත් "ආදරය, සෙනෙහස" අනුකම්පාව (අනේ පොඩි ළමය, නොදරුවා, මොනවා දන්නවටද, අසරණය ) ආදියෙන් වැසී පවතින දෙයකි.
සටහන - කෝසල දිසානායක
අවම වශයෙන් මෙයට මගේ නාමය දැමීමද උපාදානයක් වනු ඇත.

Comments
Post a Comment